එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජන රජය වෙත ඉරාන තානාපති කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (05) සිය ශෝකය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට පැමිණි හිටපු ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතා එහි දී ඉරාන තානාපති Alireza Delkosh මහතා මුණගැසී සිය ශෝක ප්‍රකාශය සටහන් කළේය.
කෙසේ නමුත් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගොස් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජන රජය වෙත සිය ශෝකය ප්‍රකාශ කළේ බදාදා (04) ය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හදිසියේම ඉරානය සහ එහි ජනතාව මතක් වූයේ මන්ද සහ ඔහුට ඉරාන තානාපති කාර්යාලය විපක්ෂ නායකවරයාට පසුව වේලාව ලබා දුන්නා ද යන්න විවාද සම්පන්නය.


Lanka Newsweek © 2026